ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ශ්රී ලංකා කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 4 ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා සමත් වුණා.
ඒ අනුව ශ්රී ලංකාව හා ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වන තරඟයේ තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඇෆ්ඝනිස්ථානයට ආරාධනා කළා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 175 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Rahmanullah Gurbaz ලකුණු 84 ක්, Ibrahim Zadran ලකුණු 40 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් මදුෂන්ක කඩුලු 2 ක් හා මහීෂ් තීක්ෂණ සහ අසිත ප්රනාන්දු එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම 19 වන පන්දුවාරයේදී කඩුලු 6 ක් දැවී සිටියදී සිය ජයග්රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 36 ක්, පැතුම් නිස්සංක ලකුණු 35 ක්, දනුෂ්ක ගුණතිලක ලකුණු 33 ක් හා භානුක රාජපක්ෂ ලකුණු 31 ලබා ගත්තා.
More Stories
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි