ආනයනික බඩඉරිඟු සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.
ඒ අනුව ආනයනික බඩඉරිඟු සහ ඉදල්ඉරිඟු හෙවත් සෝගම් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවෙනු ඇත.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම බද්ද පනවා තිබේ.
එම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2022 සැප්තැම්බර් 04 වනදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන බව අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ