ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 5 ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකාව සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 121 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Babar Azam ලකුණු 30 ක්, Fakhar Zaman හා Iftikhar Ahmed ලකුණු 13 ක්, Mohammad Rizwan ලකුණු 14 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග කඩුලු 3 ක් හා මහීෂ් තීක්ෂණ හා ප්රමෝද් මදුෂාන් කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම 17 වන පන්දුවාරයේදී කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක නොදැවී ලකුණු 55 භානුක රාජපක්ෂ ලකුණු 24 ක්, දසුන් ශානක ලකුණු 21 ලබා ගත්තා.
More Stories
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි