පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියාව සුපිරි 12 තරගය පැවැත්වෙන අද පර්ත් නගරයේ යහපත් කාළගුණ තත්වයක් පවතින බව කාළගුණ අනාවැකියේ දැක්වෙනවා.
ඒ අනුව අද දිනය තුළ පර්ත් නගරයට වැසි ඇද හැලීමේ සම්භාවිතාවය සියයට 02 ත් 10 ත් අතර ඉතා අවම අගයකයි පවතින්නේ.
පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද පර්ත් හිදී රාත්‍රී 07 ට එනම් ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.30 ටයි ආරම්භවීමට නියමිතව ඇත්තේ.
සුපිරි 12 වටයේ මෙම කණ්ඩායම් 02 ම මේ වනවිට එක් තරගය බැගින් සහභාගී වී තිබෙනවා.
අයර්ලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව ජයගත් අතර නවසීලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාව පරාජයට පත්වුණා.
අයර්ලන්තයට එරෙහි තරගයට ක්‍රීඩා නොකල පැතුම් නිස්සංක අද තරගයට සහභාගී වනු ඇති බව සඳහන්.
කෙසේවෙතත් නවසීලන්තයට එරෙහි තරගයට ක්‍රීඩා කල ඔස්ටේ්රලියා කණ්ඩායම වෙනසකින් තොරව අද තරගයටද එක්වනු ඇති බවටයි ක්‍රිකට් වාර්තා මත පළකරන්නේ.
More Stories
යුරෝපය එකම චීනය මූලධර්මය අනුගමනය කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
චීන-බ්‍රසීල මානව හා සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකම බ්‍රසීලයේ බ්‍රසීලියා හිදී
19වැනි ජී-20 නායක සමුළුවේ සමාප්ති උත්සවයට චීන ජනපති එක්වෙයි