පරිසර අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ගෝලීය හරිත වර්ධන ආයතනයේ සමුළුවෙහි හා කවුන්සිලයෙහි උප සභාපති ධූරයට පත් කර තිබෙනවා.
පසුගිය 27 වැනිදා දකුණු කොරියාවේ සෝල් නගරයේ පැවති ගෝලීය හරිත වර්ධන ආයතනයේ 11වන සමුළුවේ දී ඒ මහතාව මෙම තනතුරට පත් කර ඇති බව සඳහන්.
මෙම අන්තර්ජාතික සංවිධානයේ වර්තමාන සභාපතිත්වය හොබවනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා විසින්.
ගෝලීය හරිත වර්ධන ආයතනයෙහි සමුළුව හා කවුන්සිලය සභාපතිවරයකුගෙන් හා උපසභාපතිවරු දෙදෙනෙකුගෙන් සමන්විත වනවා.
ඒ අනුව උප සභාපති තනතුරු සඳහා ශ්‍රී ලංකාව සමඟ දකුණු කොරියාව ද පත්ව තිබෙනවා.
ගෝලීය හරිත වර්ධන ආයතනය සාමාජිකයන් 44 කින් සමන්විත අන්තර්ජාතික සංවිධානයක් වන අතර සාමාජික රටවල කාබන් හීන හරිත සංවර්ධනය සඳහා විවිධ ක්ෂේත්රයන්ගේ ධාරිතා වර්ධන, ප්‍රතිපත්ති සහ සැලසුම් සම්පාදනය හා හරිත මූල්‍යකරණයේ පහසුකම් සපයන්නකු ලෙස ද කටයුතු කරනු ලබනවා.
මේ වන විට ශ්‍රී ලංකාව මෙම ආයතනය සමඟ දේශගුණ විපර්යාස, විදුලි ප්‍රවාහනය යන ක්ෂේත්රවල ප්‍රධාන වශයෙන් කටයුතු කරනු ලබයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ