පක්ෂ කිහිපයක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැන අවසන් තීරණය අද

මෙවර මහා මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමිකර ගත් දේශපාලන පක්ෂ කිහිපයක් එම ලැයිස්තු සකස් කිරීම සඳහා අද (10) දිනයේ රැස්වීමට නියමිත ව තිබෙනවා.

සමඟි ජනබලවේගයට හිමිවූ මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් ද අද (10) දිනයේදී තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

තමන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා තීරණය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද(10) රැස්වනවා.

ඒ සඳහා එම මන්ත්‍රී කණ්ඩායම ද අද රැස්වීමට නියමිත බව වාර්තා වනවා.

මේ අතර ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය ලබා දෙනේනේ කාටද යන්න පිළිබද තීරණය අද (10) දිනයේදි ගැනීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, අපේ ජනබල පක්ෂය සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මේ වනවිට සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කර තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com