පාර්ලිමේන්තු වරම් ලැබූ සභිකයින් ලියාපදිංචිය Online ක්‍රමයට

මහ මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින් පාර්ලිමේන්තුවේ ලියාපදිංචි කර ගැනීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නිල් ඉද්දවෙල මහතා පැවසුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී නාම ලේඛනය ගැසට් කිරීමෙන් අනතුරුව එම ලියාපදිංචි කිරීම් ආරම්භ කරන බවයි.

ඒ අනුව පත්ව සිටින කිසිදු සභිකයෙකුට පාර්ලිමේන්තුවට පැමිණිමෙන් තොරව සිය ලියාපදිංචිවීම සිදුකරගත හැකි වනු ඇත.

නියෝජ්‍ය මහලේකම්වරයා පැවසුවේ ලබන 20 වැනිදාට පෙර එම කටයුතු අවසන් කිරීමට නියමිත බවයි.

සෑම පාර්ලිමේන්තු සභා වාරයක් ආරම්භ වීමට පෙර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිවීම සිදුකරන අතර මීට පෙර එය සිදුකරනු ලැබුවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට කැඳවා වුව ද රටේ පවතින වත්මන් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර
අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com