හොංකොං, වැදගත් ජාත්‍යන්තර මූල්‍ය, නැව් ප්‍රවාහන හා වෙළඳ මධ්‍යස්ථානයකි. චීනයේ විශේෂ පරිපාලන කලාපයක් වශයෙන් හොංකොං චීන මහ ගොඩබිම සහ ලෝකය යා කරන පාලමකි. එහෙත් පසුගිය වසරේ හොංකොං හි ආර්ථිකයට බාධා රැසක් එල්ල වී ඇත. ඒ කොවිඩ් වසංගතය හේතුවෙනි. පසුගිය දා හොංකොං විශේෂ පරිපාලන රජය නිකුත් කළ සංඛ්‍යා ලේඛනයකට අනුව 2022 වසරේ හොංකොං හි නිෂ්පාදන ධාරිතාව 2021 වසරට වඩා 3.5%කින් පහත වැටී තිබේ.
මෑතදී පවතින කොවිඩ් වසංගත තත්ත්වය සලකා බලා චීන රජය කොවිඩ් වසංගත පාලන ප්‍රතිපත්ති වෙනස් කර ඇත. එම වෙනසත් සමග අද (6) සිට හොංකොං විශේෂ පරිපාලන කලාපය චීන මහ ගොඩබිම සමග පූර්ණ වශයෙන් සම්බන්ධ කෙරේ. ඒ අනුව හොංකොං සහ චීනයේ සෙසු ප්‍රදේශ අතර ඇති රේගු නිෂ්කාශන ස්ථානවල ගමන් ගන්නා පුද්ගලයන් සංඛ්‍යාව පිළිබඳ සීමා ඉවත් කර තිබේ. ගෝලීය සංචාරකයන් හා හොංකොං වැසියන් වෙත නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර ලක්ෂ 7ක් ලබාදීමට හොංකොං කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ. එය ආර්ථික ප්‍රකෘතිය හා සංචාරක ක්ෂේත්‍රය පණ ගැන්වීම සඳහා හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජය ගන්නා උත්සාහයේ කොටසකි.
එවන් පියවර රැසක් මගින් හොංකොං හි ආර්ථික හා සමාජයීය ක්‍රියාකාරීත්වය ඉහළ යාමත් සමග හොංකොං හි අපනයනය, භාණ්ඩ ප්‍රවාහනය, සංචාරක, සිල්ලර වෙළඳාම හා ආහාර පාන කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍රවලට නව ජවයක් එක් කෙරේ. මේ වසරේ හොංකොං හි ආර්ථික වර්ධනය 3.5% දක්වා ඉහළ යනු ඇතැයි ඇමරිකාවේ CNN ආයතනයේ වෙබ් අඩවිය පසුගිය 3වැනිදා Goldman Sachs සමාගමේ විශ්ලේෂන වාර්තාවක් උපුටා දක්වමින් කියා සිටී.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්