චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා ඊයේ (27) බෙයිජිහි දී වීඩියෝ ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ රැස්වීමට සහභාගී වෙමින් දේශනයක් පැවැත්වීය.
වර්තමානයේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවර්ධනය දැඩි අභියෝගවලට මුහුණ දී සිටින බව Qin Gang මහතා එහි දී පැවසීය. එයට ප්‍රතිචාර වශයෙන් චීනය යෝජනා හතරක් ඉදිරිපත් කළේය.
පළමුවැන්න එක් එක් රටවල සැබෑ තත්ත්වයන්ට අනුකූල වන මානව හිමිකම් සංවර්ධන මාවතක් අනුගමනය කිරීමයි. දෙවැන්න සියලු පාර්ශවයන්ගේ මානව හිමිකම් සර්ව සම්පූර්ණ ආකාරයකින් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සහතික කිරීමයි. තුන්වැන්න ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය තහවුරු කිරීමයි. සිව්වැන්න සංවාදය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමයි.
ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය සාගරයට මුදා හැරීම ගෝලීය පරිසරයේ ආරක්ෂාවට සහ සියලුම රටවල ජනතාවගේ සෞඛ්‍යයට සුරක්ෂිතතාව කෙරෙහි බලපාන බව Qin Gang මහතා එහි දී අවධාරණය කළේය. න්‍යෂ්ටික අපජලය විවෘතව, පාරදෘශ්‍ය, විද්‍යාත්මක සහ ආරක්ෂිත ආකාරයකින් බැහැර කරන ලෙස සියලු රටවල් ජපානයෙන් ඉල්ලා සිටිය යුතු බව ද හෙතෙම පැවසීය.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්