අග්‍රාමාත්‍ය ලේකම් ලෙස ගාමිණී සෙනරත් පත් කරයි

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණි සෙනරත් මහතා යළි පත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් අදාල පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ගාමිණී සේදර සෙනරත් මහතා මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කටයුතු කර ඇති අතර 2004 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය දරන කාලය තුළ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් වශයෙන් ද කටයුතු කර ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com