අනුරාධපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර විදේශ ගතවිම නිසා එම රෝහලේ ළමා රෝගීන් සඳහා වෙන්කළ වාට්ටුව වසා දමා ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.
ළමා රෝගීන් සඳහා වෙන් කර තිබූ හැට තුන් වන වාට්ටුවේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනා රට අතහැර විදේශගත වීම නිසා මෙසේ එම වාට්ටුව වසා හේතුවෙන් අනුරාධපුර මහජනතාව දැඩි පීඩාවට පත්ව ඇතැයි ද මේ හේතුවෙන් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝග සිසුන් හට පුහුණු වීමට නොහැකිව බරපතළ ගැටලුවක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පවසයි.
වෛද්‍යවරුන් විදේශ ගත වීම හේතුවෙන් මේ රටේ ප්‍රධාන රෝහලක වාට්ටුවක් වසා දැමීමට සිදු වනවා නම් එය නුදුරේදීම ග්‍රාමීය රෝහල් දක්වා ව්‍යාප්ත වී එම රෝහල් සම්පූර්ණයෙන්ම වැසී යාමේ අවදානමකට ලක්විය හැකි බවත්, එහි මුල් අඩිතාලම මෙය විය හැකි බවත් එම සංගමය පෙන්වා දෙති.
මේ සම්බන්දයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් මෙසේ කීය .
“අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 63, 24 සහ 25 ළමා රෝගීන් සඳහා වෙන් කර තිබෙනවා, රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝග අංශයට සම්බන්ධ සිසුන් මෙම 63වන වාට්ටුවේ ඉගෙනීම් සහ පුහුණුවීම් කටයුතු වල නිරත වනවා , විශේෂ වෛද්‍යවරු හතර දෙනකු මේ වාට්ටුවේ සේවය කළා මේ වෙන කොට එම සිව් දෙනාම විදේශ ගත වෙලා තිබෙනවා රැකියා සඳහා,
අපි දිගින් දිගටම කිව්වා වෘත්තිකයන්ට සුදුසු පරිසරයක් මේ රටේ හැදෙන්න ඕනේ කියලා. මේ බදු ප්‍රතිපත්තිය, වියදම් සීමා කිරීම, සම්බන්ධයෙන් අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහටත් වෘත්තිකයන් විදිහටත් දිගින් දිගටම රජයට දැනුම් දුන්නා , එය පිළිබිඹු වෙච්ච අවස්ථාවක් තමයි මේ අනුරාධපුර ශික්ෂණ රෝහල මහාචාර්ය ඒකකයේ තියෙන ළමා රෝග වාට්ටුව වසා දැමීම,
මේකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් වගේම අධ්‍යාපන අමාත්‍යංශය බලධාරීන් වග කියන්න ඕනේ, මේකට අවශ්‍ය පුරප්පාඩු කල්තියා අපි දැනුවත් කර තිබියදීත් එයට ප්‍රතිචාරයක් නොදැක්වීම බලධාරීන්ගේ ප්‍රශ්නයක්, මේ සම්බන්ධයෙන් රජරට විශ්ව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨාධිපති වරයා මෙන්ම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහටත් අපිත් දිගින් දිගටම රජය දැනුවත් කළා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වෛද්‍ය ජනක පුෂ්පකුමාර මහතා.
“අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය 63 වාට්ටුව කියන්නේ ළමා රෝග වාට්ටුවක් වසා දමා තිබෙනවා.වෛද්‍ය පීඨයේ අවසාන වසරේ සිසුන් 210ක්, මේ වාට්ටුවට අනියුක්තව ඉගෙනීම සහ පුහුණුවීම් කටයුතු වල නිරත වනවා.
මේ ගැටළුව සම්බන්ධයෙන් මුල සිටම අපි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළා බොහොමයක් වෛද්‍යවරු අනුරාධපුරයට පැමිණෙන්නේ කැමති නැහැ , පැමිණෙන වෛද්‍යවරුන් කුමන හෝ හේතුවක් මත මාරු වීම් ලබා ගෙන ආපසු යනවා.මේ ගැටලුව මතු වුණේ 63 වන වාට්ටුව වසා දමන්න සිද්ධ වුණේ මෙහි සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් සිවු දෙනෙක් විදේශ ගත වීම නිසයි. සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් අපට වෛද්‍යවරයකු ලබා දෙන පොරොන්දුව මේ වනවිට ලබාදී තිබෙනවා, අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ගැටළුව විසඳා ගැනීමට ඉතා ඉක්මනින් මැදිහත් වෙයි කියා.
More Stories
යුරෝපය එකම චීනය මූලධර්මය අනුගමනය කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
චීන-බ්‍රසීල මානව හා සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකම බ්‍රසීලයේ බ්‍රසීලියා හිදී
19වැනි ජී-20 නායක සමුළුවේ සමාප්ති උත්සවයට චීන ජනපති එක්වෙයි