2023 වසරේ සිංහල දෙමල අලුත් අවුරුද්ද අද උදා වෙයි. අලුත් අවුරුද්ද වෙනුවෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නැකැත් සීට්ටුව මෙසේය.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන සිකුරාදා දින අපරභාග 02.59 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්වභාග 8.35 සිට එදින අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 8.35 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 14 වන සිකුරාදා අපරභාග 2.59 සිට අපරභාග 9.23 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වැනි සිකුරාදා අපර භාග 3.29 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දිකිරි මිශ්‍ර කිරිබතක් ද තල සහ විලද මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම්, ගනුදෙනු කිරීම් හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වැනි සිකුරාදා අපර භාග 5.05 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 16 වැනි ඉරිදා පූර්ව භාග 09.41 ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වැනි සඳුදා පූර්ව භාග 6.28 ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව