ඇමරිකාව විසින් ‘Fentanyl’ නිෂ්පාදනය කළ හැකි රසායනික ද්‍රව්‍යවලට අදාල චීන ව්‍යාපාර හා පුරවැසියන්ට පැමිණිලි කිරීම හාසම්බාධක පැණවීම දැඩි ලෙස හෙලා දකින බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.
Fentanyl නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය, සාමාන්‍ය රසායනික ද්‍රව්‍යයන් වේ. සාමාන්‍ය රසායනික ද්‍රව්‍ය, මත්ද්රව්යනිෂ්පාදන ක්ෂේත්රයට ගලා යාම වැළැක්වීම, ආනයනික පාර්ශ්වයේ වගකීම බව ජගත් පිළිගැනීමකි.
ඇමරිකාව සත්‍ය විකෘති කරචීනය හා අදාල රටවල් අතර නිත්‍ය රසායනික වෙළඳාම කෙරේ අහේතුකව චෝදනා නගමින් එය හේතු කොට ගෙන චීන ව්‍යාපාර හා පුරවැසියන්ට පැමිණිලි කරමින් සම්බාධක පණවන බව ප්‍රකාශ කර ඇත. මේ තුළින් ඇමරිකාවේ දාමරිකතාවය අනාවරණය වීතිබේ. ඇමරිකාවේ ක්‍රියාව ජගත් නීතිය උල්ලංඝනය කිරීමක් බව ද වං වෙන්බින් මහතා ප්‍රකාශ කර ඇත.
More Stories
ඇමරිකාවේ තීරුබදු පියවර තුළින් චීන ආර්ථිකයට දිගුකාලීනව බලපෑම් කිරීමට ප්රයත්න දැරීම සිහිනයකි
TikTok තහනම් නීතිය යළිත් දින 75කින් කල් දමයි
ඇමරිකානු තීරුබදු පැනවීමට එරෙහිව චීන රජයෙන් ප්‍රතිපියවර