X-press pearl වන්දිය නැති කලේ ගෝටාභයයි.. ඩොලර් මිලියන 250 ලන්ඩන් ගිණුම ගෝඨාභයගේ හිතවතෙකුගේ…

X- press pearl වන්දිය නැති කරන හොල්මන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ බව ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය චෝදනා කරයි.

නැවු අනතුරේ වන්දිය වෙනුවට ඩොලර් මිලියන 250ක් බැරවූ ලන්ඩන් බැංකු ගිණුම ගෝඨාභය රාජපක්‍ෂගේ මහතාග් හිතවතෙකුගේ ඔහු තවම ආණ්ඩුවේ සිටිනා බවත් ඇය කියා සිටී.

ඇය මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

අදාල නෞකා අනතුරේ වන්දිය ලෙස ඩොලර් බිලියන 50ක් ලබා ගැනීමට හැකියාව ඇති බවද පවසන ඇය මෙම නෞකාව ජාත්‍යන්තර නීතියටද විරුද්ධව පැමිණි එකක් බවද කියා සිටි.

බලධාරීන් මුල සිටම මෙය යට ගැසීමට කටයුතු කළ බවත් තමන් කමිටුවකට පැමිණෙනවාටවත් හිටපු ජනාධිපතිවරයා අකමැති වුවත් ඇය චෝදනා කරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com