2022 වසර අවසානය වනවිට චීනයේ ලියාපංදිචි නෞකා සේවක සංඛ්‍යාව 19 ලක්ෂය ඉක්මවා ඇතැයි, චීන ගමනාගමන හා ප්‍රවාහන අමාත්‍යාංශ දත්තවල දැක්වෙයි.
චීනයේ 19 වැනි යාත්‍රා කිරීමේ දිනය අද (11) යි. මේ නිමිත්තෙන්, රට පුරා නෞකාවන් හි ධජ ඔසවා, සයිරන් නලා මිනිත්තුවක් නාද කර තිබේ. එසේ ම, සමුද්‍ර කෞතුකාගාර, ප්‍රදර්ශන ශාලා, සමුද්‍ර කටයුතු පිළිබද අධ්‍යයන මධ්‍යස්ථාන ද ජනතාවට විවෘත කර ඇත.
චීන ගමනාගමන හා ප්‍රවාහන අමාත්‍යාංශ දත්තවලට අනුව, 2022 වසරේ විවිධ රටවලට යවා ඇති නෞකා සේවක සංඛ්‍යාව එක්ලක්ෂ තිස්දහසක් පමණ වෙයි. එමගින් අන්තර්ජාතික සමුද්‍රීය භාණ්ඩ සැපයුම් දාමයන් හි ස්ථාවරත්වයට මනා ශක්තියක් ලබා දී ඇත.
More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්