පක්ෂයේ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම පිළිබඳ චීන ජනපතිගෙන් ලිපියක්

“පක්ෂයේ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම සහ රටේ පාලන පද්ධතියේ හා පාලන හැකියාවන්හි නවීකරණයප්‍රවර්ධනය කිරීම” යන මැයෙන් යුත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ වැදගත් ලිපියක් ‘Qiushi’ සඟරාව හෙට (16) පළ කරනුඇත.

පක්ෂයේ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ සංකීර්ණ වන අතර, එය පහසුවෙන් ඉටු කළ නොහැකි බව ෂී ජින්පිං මහතා එමලිපියේදී සඳහන් කරයි. පක්ෂයේ හා රටේ සංවර්ධනය සඳහා, නව දූත මෙහෙවර, නව උපායමාර්ගික විධිවිධාන සහ නවඅවශ්‍යතාවලට අනුව පක්ෂයේ හා රාජ්‍ය ආයතනවල ව්‍යුහය ප්‍රවර්ධනය කළ යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනයට පසු, පක්ෂයේ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ ගැඹුරුකිරීමේ වැදගත් ඉලක්කයක් වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සමස්ත නායකත්වය ශක්තිමත් කිරීම බව එම ලිපිය මගින්හෙතෙම පෙන්වා දෙයි. ආයතනික වගකීම්වල දෘෂ්ටිකෝණයෙන්, පක්ෂයේ සමස්ත නායකත්වය ශක්තිමත් කිරීම, සියලු ක්ෂේත්‍රවලහා අංශවල ක්‍රියාවට නැංවිය යුතු බව ද එම ලිපියේ සඳහන් කෙරේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com