වැඩබලන අමාත්‍යවරු පස්දෙනෙක් පත් කෙරේ

ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්‍ෂණය කිරීමට  වැඩබලන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසත් කටයුතු කිරීමට නියමිතයි.

එසේම රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙසත් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් වැඩබලන කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com