දේශගුණ විපර්යාසයන්ට ප්‍රතිචාර දැක්වීම පිළිබඳ චීන ඇමරිකා සංවාදය බෙයිජිංහිදී පැවැත්වේ.
චීන ජෛව හා පාරිසරික අමාත්‍යංශයට අනුව එම සංවාදය පසුගිය 16 වනදා සිට 19 වනදා දක්වා දේශගුණ විපර්යාසය පිළිබඳ ඇමරිකානු විශේෂ දූත ජොන් කෙරී මහතාගේ චීන සංචාරය අතරතුර පැවැත්විණ. දේශගුණ විපර්යාසය පිළිබඳ චීන නියෝජිත ශේ චෙන්හුවා මහතා ඔහු සමග සාකච්ඡා පැවැත්වීය.
දේශගුණ විපර්යාස සමස්ත මානවයන් මුහුණපාන පොදු ප්‍රශ්නයක් බවත් චීනය හා ඇමරිකාව අත්වැල් බැඳගෙන එම අභියෝගයට ප්‍රතිචාර දැක්වීම අතිශයෙන් වැදගත් බවටත් දෙපාර්ශ්වය අදහස් පළ කළහ. ‘දේශගුණ විපර්යාස අර්බුදයට මුහුණ දීම පිළිබඳ චීන ඇමරිකා ඒකාබද්ධ නිවේදනය’ හා ‘21 වැනි සියවසේ දෙවැනි දශකයේ චීනය හා ඇමරිකාව දේශගුණ විපර්යාසයන්ට ප්‍රතිචාර දැක්වීම ශක්තිමත් කිරීම පිළිබඳ Glasgow ඒකාබද්ධ නිවේදනය’ ක්‍රියාවට නැංවීම, ගෝලීය දේශගුණික විපර්යාස පාලනය, සංවාදය හා සහයෝගිතා පුළුල් කිරීම යනාදිය පිළිබඳව දෙපාර්ශ්වය අවංක, ශක්තිමත් හා සංවර්ධනාත්මක සංවාදයක් පවත්වා ඇත.
දේශගුණ විපර්යාසයන්ට ප්‍රතිචාර දැක්වීම පිළිබඳ චීන ඇමරිකා සංවාදය බෙයිජිංහිදී

More Stories
චීනයේ තායිවාන දූපත ආශ්රිත හමුදා අභ්‍යාස බෙදුම්වාදීන්ට සිදු කරන බරපතල අනතුරු ඇඟවීමක් – චීනය
චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වන සංවත්සරය අදයි
චීන ටිබෙට් ප්රශ්නය සම්බන්ධ පොරොන්දු පිළිපදින්නැයි ඇමරිකාවට චීනයෙන් ඉල්ලීමක්