චීනය තවත් චන්ද්‍රිකා හතරක් සාර්ථකව ගුවන්ගත කරයි. චීනයේ Taiyuan හි පිහිටි චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ඊයේ (23) එය ගුවන්ගත කරනු ලැබීය. Sixiang 01,02,03 සහ Lingxi03 ලෙස නම්කෙරුණු මෙම චන්ද්‍රිකා හතර ලෝන්ග්මාර්ච් 2D නමැති වාහක රොකට්ටුවෙන් ගුවන්ගත කෙරුණේ, බෙයිජිං වේලාවෙන් උදෑසන 10.50 ටය. එය නියමිත කක්ෂයට නිසි පරිදි ඇතුළු විය. Sixiang 01,02 සහ 03 නමැති චන්ද්‍රිකා තුන ප්‍රධාන වශයෙන් දුරස්ථ සංවේදක නිරීක්ෂණ දත්ත ලබා ගැනීම සඳහා යොදා ගැනෙන අතර Lingxi03 චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණ සත්‍යාපනය සඳහා යොදා ගැනේ.
මෙවර සිදුකෙරුණේ, Long March වාහක රොකට්ටු මාලාවේ 479 වැනි ගුවන් මෙහෙයුමයි.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්