7 වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ලබන අගෝස්තු මස 16 වනදා සිට 20 වනදා දක්වා චීනයේ Yunnan පළාතේ Kunming නගරයේ පැවැත්වේ. එකමුතුව, සහයෝගිතාව සහ පොදුවේ වර්ධනය සැලසුම් කිරීම තේමාවෙන් යුත් මෙවර ප්‍රදර්ශනයට ප්‍රදර්ශන ශාලා 15ක් ඇතුළත් වෙයි. එහි භූමි ප්‍රමාණය වර්ග මීටර් 150 දහසකි. මේ වනවිට රටවල් හා ප්‍රදේශ 60ක් ප්‍රදර්ශනයට එක්වීම ලියාපදිංචි කර තිබේ. දකුණු ආසියා රටවල්, අග්නිදිග ආසියා රටවල් සහ RCEP සාමාජික රටවල් ඊට ඇතුළත් ය. මෙවර ප්‍රදර්ශනයට සමාගම් 1000ක් පමණ සහභාගි වනු ඇත. ලෝකයේ ප්‍රමුඛත ම සමාගම් 100ක් හා චීනයේ ප්‍රමුඛතම සමාගම් 100ක් අතරින් වෙන් වෙන් ව සමාගම් 50ක් පමණ ඊට ඇතුළත් ය.
චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය මීට පෙර පැවතියේ දකුණු ආසියානු රටවල භාණ්ඩ ප්‍රදර්ශනය ලෙසටය.
හත්වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ලබන මස චීනයේදී

More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්