ICC පිරිමි T20 ලෝක කුසලානය 2024 ජුනි 4 සිට ජූනි 30 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට ඉඩ ඇති බව ESPNcricinfo වාර්තා කරයි. වාර්තා වලට අනුව, ICC නියෝජිත පිරිසක් මේ සතියේ ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථාන පහක් නිරීක්ෂණය කර ඇත. මෙම ස්ථාන පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්විමට නියමිතව ඇත. ලෝක කුසලාන තරඟාවලි තරඟ සහ පුහුණුවීම් සඳහා Morrisville, Dallas සහ New York මෙන්ම Florida හි Lauderhill ක්‍රිඩාංගන ඇතුළත් වේ.
Morrisville සහ Dallas දැනට USA හි Major League Cricket තරගාවලියේ තරග සඳහා සත්කාරකත්වය දරයි, කෙසේ වෙතත්, මෙම ක්‍රීඩාංගණවලට තවමත් ජාත්‍යන්තර කරන පැවැත්වීම සඳහා අනුමැතිය ලැබී නැත, එය ICC නීතිවලට අනුව අනිවාර්ය වේ.
තරගාවලිය පැවැත්වෙන ආකාරය…
•මුළු කණ්ඩායම් – 20.
•පළමු වටයේ කණ්ඩායම් – 4 (කණ්ඩායම් 5 බැගින්).
එක් එක් කාණ්ඩයේ හොඳම කණ්ඩායම් 2 – සුපිරි 8s.
•සුපිරි 8s – 2 කාණ්ඩය (කණ්ඩායම් 4 බැගින්).
•එක් එක් කාණ්ඩයේ ඉහළම 2 – අවසන් පූර්ව තරඟකරුවන්.
More Stories
චීනයේ ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය හෙට දියත් කෙරේ
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
‘ටාසන්’ට පණ දුන් රොන් එලී මිය යයි