පකිස්ථානයේ ඉස්ලාමාබාද් හි පැවති චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝවේ 10 වැනි සංවත්සර සැමරුමට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ ප්‍රාර්ථනා කරයි. එම ලිපිය ඊයේ (31) යොමු කර ඇත.
චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝව ‘එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ’ වැදගත් නියමු ව්‍යාපෘතියක් බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. 2013 වසරේ එය දියත් කළ දා සිට,ඉදිකිරීම ප්‍රවර්ධනය සඳහා පුළුල් උපදේශන, ඒකාබද්ධ දායකත්වය සහ ප්රතිලාභ බෙදාගැනීම දෙරට විසින් මනාව ක්‍රියාවට නංවනු ලැබ තිබේ. එසේම, මෙම ව්‍යාපෘතිය පකිස්ථානයේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට නව ජවයක් එක් කර ඇතැයි ද ජනාධිපතිවරයා කියාසිටී.
එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ වන උසස් තත්ත්වයේ ඒකාබද්ධ ඉදිකිරීම් පිළිබඳ ආදර්ශන ව්‍යාපෘතියක් ලෙස මෙම ආර්ථික කොරිඩෝව තවදුරටත් ගොඩනැගීම සඳහා පකිස්ථානය සමඟ එක් ව කටයුතු කිරීමට චීනය සූදානම් බව ද ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් ලිපියේ දැක්වෙයි. එසේම, ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුව ද, චීනය සෑමවිටම පකිස්ථානය සමඟ බැඳී සිටින බවත්, වානේ බඳු සවිමත් මිත්‍රත්වය ඉදිරියට පවත්වාගෙන යන බවත්, චීන-පකිස්ථාන අංගසම්පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය ඉහළ තලයකට රැගෙන යන බවත් චීන ජනාධිපතිවරයා පවසයි.
චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝවේ දශක සංවත්සර සැමරුමට චීන ජනපතිගෙන් සුබ පැතුම්

More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්