චීනය නව කාලගුණ විද්‍යා චන්ද්‍රිකාවක් දියත් කරයි

චීනය ඊයේ(3) Long March-4C වාහක රොකට්ටුව භාවිතයෙන් කාලගුණ විද්‍යා චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශයට මුදා හැර ඇත.
රොකට්ටුව වයඹ දිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් පෙරවරු 11:47 ට  දියත් කළ අතර, Fengyun-3 06 නම් වූ මෙම චන්ද්‍රිකාව සැලසුම්ගත කක්ෂයට සාර්ථකව ඇතුළු වී ඇත.
මෙම මෙහෙයුම Long March-4 වාහක රොකට් මාලාවේ 100 වන දියත් කිරීමේ මෙහෙයුමයි. එමඟින් චීනයේ වාහක රොකට් ඉතිහාසයට නව දියත් කිරීමේ වාර්තාවක් එක් කෙ‍රිණ.
Fengyun-3 06 චන්ද්‍රිකාව සාර්ථකව දියත් කිරීමෙන් චීනයේ Fengyun චන්ද්‍රිකා මාලාවේ පාරජම්බුල අධි වර්ණාවලීන් හඳුනාගැනීමේ නව පරිච්ඡේදයක් උදා කෙරේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com