රුපියල් ලක්ෂ තුනක පමණ වටිනාකමින් යුතු දුරකථන රැහැන් කපා සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (05) එම සැකකරුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ගිරිඋල්ල පොලිස් වසමේ මුතුගල හන්දියේ සිට බිහල්පොළ දෙසට ඇති ප්‍රධාන මාර්ගයේ තිබූ දුරකථන රැහැන් එම සැකකරුවන් විසින් මෙසේ කපා සොරකම් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 35 හා 59ක් වන නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් අද (06) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයයි
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ