චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා සහ රුසියානු විදේශ ඇමති Sergey Lavrov මහතා දුරකථන සාකච්ඡාවක් පවත්වති. එය ඊයේ (7) සිදුවිය.
ජාත්‍යන්තර බහුපාර්ශ්වික වේදිකාවේ, චීනය හා රුසියාව සමීප උපායමාර්ගික සහයෝගිතා පවත්වමින් ගෝලීය බහුධ්‍රැවීකරණ හා ජාත්‍යන්තර සබඳතා ප්‍රජාතන්ත්‍රවාදීකරණ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කරන බවත්, ජාත්‍යන්තර සබඳතා මූලධර්මය ආරක්ෂා කරන බවත් වං යී මහතා එහිදී පැවසීය. එය චීනය හා රුසියාව භාර ගත යුතු ජාත්‍යන්තර වගකීමක් ද වේ. බ්‍රික්ස් රටවල් ක්‍රමයෙන් මනා ජීව ශක්තියක් පිළිබිඹු කරමින් සිටී. එසේම රටවල් 20 කට වැඩි සංඛ්‍යාවක් බ්‍රික්ස් රටවල ක්‍රමවේදයට එක්වීමට බලාපොරොත්තු වන බව ද දැනුම් දී ඇත. මේ නිසා එම සාමාජික සංඛ්‍යාව වැඩිකිරීමේ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වන බව ද වං යී මහතා පැවසීය.
චීනය සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය, බ්‍රික්ස් රටවල්, ශංහයි සහයෝගිතා සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික වේදිකාවන් හි සහයෝගිතා හා සංවාද පැවැත්වීමටත්, ආධිපත්‍යයට හා ඒකපාර්ශ්වික ක්‍රියාවන්ට එරෙහි වෙමින් ජාත්‍යන්තර සබඳතා ප්‍රජාතාන්ත්‍රීකරණය ප්‍රවර්ධනයට මෙන්ම ජගත් ප්‍රජාවේ යුක්තිය හා සාධාරණය රැකගැනීමටත් රුසියාව සූදානම් බව Sergey Lavrov මහතා එහිදී කියාසිටියේය.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්