යුක්‍රේන අර්බුදය විසඳීම සඳහා චීනය අඛණ්ඩව සහය වන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
යුරේසියානු කටයුතු පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත Li Hui මහතා පසුගිය 5 වැනිදා සෞදි අරාබියේ පැවති යුක්රේන ප්‍රශ්නය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගි විය. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය අද (8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය. එම සමුළුවේදී Li Hui මහතා විවිධ පාර්ශ්වයන් සමග පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගෙන ඇති අතර, එහිදී චීනයේ ස්ථාවරය පැහැදිලි කළ බව ද චීන විදේශ අමාත්‍යංශය පැවසීය. එහිදී Li Hui මහතා විවිධ පාර්ශ්වයන්ගේ අදහස්වලට සවන් දී දේශපාලන විසඳුමකින් යුක්‍රේන අර්බුද්ධය විසඳීමට එකඟතාවන් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කර ඇත. සාමකාමී ලෙස අර්බුදය විසඳීමට චීනය ලබා දෙන දායකත්වය එහිදී විවිධ පාර්ශ්වයන්ගේ පොදු ප්‍රශංසාවට ලක් වූ බව ද චීන විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.
චීන ජනපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ වැදගත් උපදෙස් අනුගමනය කරමින්, “යුක්‍රේන අර්බුදයට දේශපාලන විසඳුමක් ලබා දීම සම්බන්ධ චීනයේ ස්ථාවරය” යන ලේඛනය මත පදනම්ව බහුපාර්ශ්වික සංවාද ශක්තිමත් කර, යුක්‍රේන අර්බුදයට දේශපාලන විසඳුමක් ගෙන ඒමට චීනය අඛණ්ඩව සහය වන බව චීන විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කර ඇත.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්