ඇමරිකාව චීනයට එරෙහිව පනවන ලද ආයෝජන සීමා පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි.
චීනයේ අර්ධ සන්නායක, ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික, ක්වොන්ටම් තොරතුරු තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු ක්ෂේත්රවලට සිදු කෙරෙන ආයෝජන සීමා කිරීම සඳහා, බෙයිජිං වේලාවෙන් අද(10) උදේ ඇමරිකානු ජනාධිපති Joe Biden විධායක නියෝගයක් අත්සන් කර ඇත. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය අදහස් දක්වමින් දැඩි විරෝධය පළ කළේය.
ඊනියා ජාතික ආරක්ෂාවේ නාමයෙන් ඇමරිකාව චීනයට එරෙහිව ආයෝජන සීමා පනවන්නේ චීනයේ සංවර්ධන අයිතිය අහිමි කරමින් තමන්ගේම ආධිපත්‍යය පවත්වා ගැනීමේ අරමුණින් බවත්, එය පැහැදිලිවම ආර්ථික බලහත්කාරයක් සහ තාක්ෂණික හිරිහැර කිරීමක් බවත් චීන විදේශ අමාත්‍යංශය සඳහන් කළේය. ඇමරිකාවේ එම ක්‍රියාවලිය, වෙළඳපොළ ආර්ථිකයේ සහ සාධාරණ තරඟකාරීත්වයේ මූලධර්මයන් උල්ලංඝණය කිරීමකි. එය ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පිළිවෙතට දැඩි හානි කිරීමක් මෙන්ම ගෝලීය කාර්මික හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය බරපතල ලෙස කඩාකප්පල් කිරීමක් බව ද චීන විදේශ අමාත්‍යංශය පෙන්වා දුන්නේය.
ඇමරිකාවේ එම වැරදි තීරණය වහාම ඉවත් කර, දෙරටේ ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවයට හිතකර පරිසරයක් නිර්මාණය කරන ලෙසට චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යංශය අවධාරණය කළේය.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්