2023 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය බෙයිජිංහිදී

2023 වසරේ චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සැප්තැම්බර් 2වැනිදා සිට 6වැනිදා දක්වා බෙයිජිං නගරයේදී පැවැත්වේ. අද(13) පැවති අදාළ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් විය.

මෙවර ප්‍රදර්ශනයේ ප්‍රධාන තේමාව වන්නේ “විවෘතභාවයෙන් යුත් සංවර්ධනය සහ සහයෝගීතාවය තුළින් ජයග්‍රාහී අනාගතයක් නිර්මාණය කිරීම” යන්නයි.
මෙම ප්‍රදර්ශනයට විදුලි සංදේශ, පරිගණක හා තොරතුරු සේවා, මූල්‍ය සේවා, සංස්කෘතික හා සංචාරක සේවා, අධ්‍යාපන සේවා, ක්‍රීඩා සේවා, සැපයුම් දාම හා ව්‍යාපාරික සේවා, ඉංජිනේරු උපදේශන හා ඉදිකිරීම් සේවා, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා සහ පාරිසරික සේවා යන අංශ 9ක් ඇතුළත් වනු ඇත.
මෙම ප්‍රදර්ශනයෙහි ආරාධිත රට ලෙස, බ්‍රිතාන්‍යය එහි විශාලතම සේවා වෙළඳ ප්‍රදර්ශන කණ්ඩායම එක් කරනු ඇත. රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන 75ක් ජාතික ආණ්ඩු හෝ මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් මාර්ගගත නොවන ලෙස ද ප්‍රදර්ශන පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com