ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ B-Love Kandy සහ Jaffna Kings කණ්ඩායම් අතර පැවති Eliminator තරගයෙන් ලකුණු 61 ක ජයක් වාර්තා කිරීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට B-Love Kandy කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 188 ක් ලබා ගත්තා.
තරගයේ පිළිතුරු ඉනිම ක්රීඩා කළ Jaffna Kings කණ්ඩායමට පන්දුවාර 17 යි පන්දු දෙකක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 127 ක් පමණයි.
ඒ අනුව තරගය ලකුණු 61 කින් ජය ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වූ අතර ඔවුන් 19 වනදා Galle Titans කණ්ඩායම සමඟ Qualifier 2 තරගයට ක්රීඩා කිරීමට නියමිතයි.
තරගය පරාජයට පත්වීම හේතුවෙන් තෙවරක් ශූරතාව දිනූ Jaffna Kings කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනවා.
More Stories
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි