තායිවානය ගින්දර සමග සෙල්ලම් කරන බව චීනය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තායිවාන උප ජනාධිපතිවරයා අමෙරිකාවට පැමිණීම සම්බන්ධයෙන අදහස් පළ කරමින් චීන ආරක්ෂක අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පවසා ඇත.පවතින තත්ත්වය සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යවරයා තායිවානයට අවවාද කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීනය පාලනය කිරීමට තායිවානය ගන්නා ඕනෑම උත්සාහයක් පරාජයෙන් අවසන් වනු ඇති බවද චීන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත.තායිවාන ගැටලුව චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන බැවින් ඒ සඳහා කිසිදු බාහිර මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවද ඔහු පවසා ඇත.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්