එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් අයිතම 09ක් ඔක්තෝබර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ නිෂ්පාදනය හෝ අලෙවිය තහනම් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
ඊට අදාළ ගැසට් නිවේදනය පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා විසින් නිකුත් කර තිබේ.
එක්වරක් පමණක් භාවිත කරන බීම බට, ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි, ප්ලාස්ටික් මල්මාලා හා ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි යන අයිතම ඔක්තෝබර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම තහනමට ඇතුළත් කර තිබේ.
ඒ අනුව ඒවා රට තුළ නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, නොමිලේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර එම නියෝග කඩකරන්නන්ට එරෙහිව ජාතික පාරිසරික පනතේ විධිවිධානවලට අනුව නීතිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය කියා සිටී.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට