රටේ සමස්තය තුළ ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ උපායමාර්ගික ස්ථානය ස්ථිරව පවත්වා ගෙන යමින් චීන මාදිලියේ නවීකරණයේදී සුන්දර ෂින්ජියං ප්‍රදේශය වඩා මනා ලෙස සංවර්ධනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජීන්පිං මහතා ප්‍රකාශ කරයි.
දකුණු අප්‍රිකාවේ පැවති බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයින්ගේ 15වැනි සමුළුවට එක්වී එරට නිල සංවාරය ද නිමකර චීනයට ආපසු පැමිණි ෂී ජින්පිං මහතා පසුගිය දා එසේ ප්‍රකාශ කළේ ෂින්ජියං ප්‍රදේශයේ උරුමුචි අගනගරයේදීය. එහිදී ඔහු විශේෂයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ ෂින්ජියං ස්වායත්ත කමිටුව, ස්වායත්ත රජය, ෂින්ජියං නිෂ්පාදන හා ඉදිකිරීම් හමුදාව ඉදිරිපත් කළ කාරක වාර්තාවන්ට සවන් දුන්නේය. එහිදී ෂින්ජියංහි විවිධ වැඩකටයුතු ලද ජයග්‍රහණ ෂී ජින්පිං මහතාගේ පිළිගැනීමට ලක්විය.
නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ෂින්ජියං පාලන ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන් නිවැරදි ලෙස අනුගමනය කරමින් රටේ සමස්තය තුළ ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ උපායමාර්ගික ස්ථානය ස්ථිරව පවත්වා ගෙන යමින් කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කර ඇත.
‘නීතියට අනුකූලව ෂින්ජියං පාලනය කිරීම, ජාතික සමගියෙන් එහි ස්ථාවරත්වය පවත්වා ගෙන යාම, සංස්කෘතික සමෘද්ධියෙන් ෂින්ජියං පෝෂණය කිරීම, ෂින්ජියංහි ජනතාවගේ ආදායම් ඉහළ නැංවීමට සහාය දීම, ෂින්ජියංහි දිගුකාලීන සංවර්ධනයට යොමු වීම’ යනාදී වැඩකටයුතු, ප්‍රායෝගිකවත් ස්ථාවර ලෙසත් ඉදිරියට මෙහෙයවීමට ඔහු උපදෙස් දුන්නේය. චීන මාදිලියේ නවීකරණ ක්‍රියාදාමය තුළදී, සමගි, සුසංගත, සමෘද්ධිමත්, පොහොසත්, ශිෂ්ටාචාරත්මක, ජනජීවිත හා ව්‍යාපාර කටයුතුවලට-හිතකාමී, මනා ජෛව පරිසරයක් සහිත සුන්දර ෂින්ජියං ප්‍රදේශය සංවර්ධනය කිරීමට උත්සාහ දැරිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.
More Stories
චීන ජනපති Hubei පළාතේ නිරීක්ෂණ චාරිකාවක
හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
ඇමෙරිකා ජනාධිපතිවරණය