විසංයෝජනය අපේක්ෂා නොකරන බවට ඇමරිකාව කර ඇති ප්‍රකාශ ඔවුන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වේ.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.
ඇමරිකා වාණිජ ලේකම් Gina Raimondo මහත්මියගේ චීන සංචාරය තුළ චීන-ඇමරිකා සබඳතාව සහ ආර්ථික හා වෙළඳ සබඳතාව පිළිබඳව චීනය තම ස්ථාවරය පැහැදිලි කර ඇති බව Wang Wenbin මහතා එහිදී පැවසීය.
ආර්ථික හා වෙළඳ ක්ෂේත්රයේ ඇමරිකානු පාර්ශ්වය සමඟ සංවාදය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතාවල සෞඛ්‍ය සම්පන්න වර්ධනය ප්‍රවර්ධනය කිරීමටත් ඊයේ(29)චීන නායකයෝ Gina Raimondo මහත්මිය හමුවූ අවස්ථාවලදී චීනයේ කැමැත්ත පළ කළ බව Wang Wenbin මහතා පැවසීය.
Biden පරිපාලනය චීනයේ සංවර්ධනයට සහාය දක්වන අතර චීනයේ සංවර්ධනය සීමා කිරීමට කිසිදු අදහසක් නැති බවත්, චීනය සමඟ සන්නිවේදනය පවත්වා ගනිමින් කෘත්‍රිම බුද්ධිය හා දේශගුණික විපර්යාස වැනි ක්ෂේත්රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඇමරිකාව කැමැත්තෙන් සිටින බවත් Wang Wenbin මහතා සඳහන් කළේය.
දෙරට ආර්ථික හා වෙළඳ සබඳතා විධිමත් වර්ධනයට මනා පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ඇමරිකාව විසංයෝජනය අපේක්ෂා නොකරන බවට කරන ප්‍රකාශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම එහිදී පැවසීය.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්