2023 වසරේ චීන ජාත්‍යන්තර බුද්ධිමය කර්මාන්ත ප්‍රදර්ශනය ඊයේ(4) Chongqing නගරයේ ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම ප්‍රදර්ශනය වෙත සුභපැතුම් පණිවුඩයක් පිරිනැමීය.
චීනය ඩිජිටල් ආර්ථික සංවර්ධනය ඉහළින් අගය කරමින් ශක්තිමත් අන්තර්ජාල රටක් හා ඩිජිටල් චීනයක් ගොඩනැගීම කඩිනම් කරන බව ෂී ජින් පිං මහතා එම සුභපැතුම් පණිවුඩයේ සඳහන් කළේය. විවිධ රටවල් සමග ඩිජිටල් යුගයේ ප්‍රවණතාව ග්රහනය කරමින් ඩිජිටල් ක්ෂේත්රයේ ජාත්‍යන්තර හුවමාරු හා සහයෝගිතා ගැඹුරු කිරීම මෙන්ම පොදු ඉරණමක් සහිත අන්තර්ජාල ප්‍රජාව ගොඩනැගීම කඩිනම් කිරීමට චීනය කැමැත්තෙන් සිටී. එමගින් වඩාත් සුන්දර අනාගතයක් ඒකාබද්ධව බිහි කරනු ඇති බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.
More Stories
චීන ජනපති Hubei පළාතේ නිරීක්ෂණ චාරිකාවක
හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
ඇමෙරිකා ජනාධිපතිවරණය