මේ වසරේ මුල් මාස අටේ චීන විදේශ වෙළඳාමේ ආනයන හා අපනයන ප්‍රමාණය චීන යුවාන් ට්‍රිලියන 27.08ක් එනම් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.7ක් බව චීන රේගු මහ පරිපාලනය අද (7) නිවේදනය කර ඇත. එය පෙර වසරවල සමාන කාල සීමාවට සාපේක්ෂව ඉහළ ම මට්ටමකි. ගෝලීය ආර්ථික හා වෙළඳ වර්ධනය මන්දගාමී වන පසුබිම යටතේ වුව ද චීනයේ අපනයන අංශය වර්ධන ප්රවණතාවයක පවතී. පසුගිය ජූලි මාසයේ චීනයේ අපනයනය චීන යුවාන් ට්‍රිලියන 2ක් එනම් ඇමරිකානු ඩොලර් බිලියන 273ක් ඉක්මවා ගියේ ය. එම වර්ධනය ඉකුත් අගෝස්තු මාසයේ තවදුරටත් ඉහළ ගොස් තිබේ. චීන විදේශ වෙළඳාමේ නම්‍යශීලිත්වය එයින් පෙන්නුම් කෙරෙන බව චීන රේගු මහ පරිපාලනය පවසයි.
More Stories
රටේ වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ සහ පුහුණු ශ්‍රමිකයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාව චීන අගමැති අවධාරණය කරයි
හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට චීන අගමැති එක්වෙයි
සාර්ථක මෙහෙයුමකින් පසු චීන ගගනගාමීන් යළි පෘථිවියට