එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ තුන්වන ජාත්‍යන්තර සහයෝගීතා සංසදයේ සූදානම පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(7) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් පළ කළාය. මේ වනවිට රටවල් 90කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් එම සංසදයට සහභාගි වන බව තහවුරු කර තිබේ. සේද මාවත ආර්ථික තීරය ඉදිරිපත් කිරීමේ 10 වැනි සංවත්සරය අද (7) දිනට යෙදෙන බව ද ඇය සඳහන් කළාය. එමෙන්ම ලබන ඔක්තොබර් මස එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ තුන්වන ජාත්‍යන්තර සහයෝගීතා සංසදය පැවැත්වීමට කටයුතු සංවිධානය වන බව ද ඇය පැවසුවාය.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්