ලබන මාසයේ ඉන්දියාවේ දී ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා විනිසුරුවන් සහ තීරකවරුන් නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.
එම විනිසුරුවන් අතර ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ද සිටියි. එම තරගාවලිය සඳහා විනිසුරුවන් 16 දෙනෙක් සහ තරග තීරකවරුන් 4 දෙනෙක් නම්කර තිබේ.
ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන අතර එහි තරග විනිසුරුවන් ලෙස කුමාර් ධර්මසේන සහ ඉන්දියාවේ නිතින් මෙනන් නම්කර තිබුණි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි