Huawei සමාගම නිකුත් කළ නවතම මාදිලියේ ජංගම දුරකථන ඇමරිකාව පරීක්ෂණයට ලක් කිරීම පිළිබඳව චීනය සිය විරෝධය පළ කරයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (08 ) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියාසිටියේ ඇමරිකාව ආර්ථික මෙන්ම විද්‍යා හා තාක්ෂණික කරුණු දේශපාලනීකරණය කිරීම පිළිබඳ චීනය දැඩි ලෙස විරුද්ධ වන බවයි. සාධාරණ හේතු රහිතව ඇමරිකාව සිය රාජ්‍ය පරිපාලන අයිතීන් අයුතු ලෙස යොදා ගනිමින් චීන ව්‍යවසායන් මර්දනය කිරීම, සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බව ඇය එහිදී පෙන්වා දුන්නාය. එවැනි හැසිරීම් නිදහස් වෙළඳ මූලධර්මය හා ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ රෙගුලාසි උල්ලංඝනය කිරීමකි. සම්බාධක පැනවීම, අවහිර කිරීම හා මර්දනය කිරීම හරහා , විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය පිළිබඳ චීනයේ හැකියාව, අධිෂ්ඨානය සහ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම හැර, ඇමරිකාවට චීන සංවර්ධනය කිසිවිටක නවතා දැමිය නොහැකි බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව අවධාරණය කර ඇත.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්