චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුවේ 75 වැනි ආරම්භක සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් එක් කරයි. ඒ කොරියානු කම්කරු පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ කොරියානු ජනාධිපති Kim Jong Un මහතා වෙත අද (09) සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමිනි.
කොරියානු කම්කරු පක්ෂයේ ශක්තිමත් නායකත්වය යටතේ සහ කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුවේ ජනතාවගේ නොපසුබට උත්සහය හේතුවෙන් ගෙවුණු වසර 75 තුළ මහජන සමූහාණ්ඩුව ගොඩනැගීමේ නව ජයග්‍රහණ ලබා ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී තිබේ.
කොරියානු ජනාධිපතිවරයා සහ එරට ජනතාව 8 වන කොරියානු කම්කරු පක්ෂ සම්මේලනයේ සහ 8 වන මධ්‍යම කාරක සභාවේ පූර්ණ සැසිවල ආධ්‍යාත්මය මුළුමනින්ම ක්‍රියාත්මක කරමින්, ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කර එමගින් වැදගත් ප්‍රතිඵල ලබා ඇති බව ද හෙතෙම පැවසීය.
Kim Jong Un මහතාගේ නායකත්වය යටතේ එරට ජනතාවට නිසැකවම නව සංවර්ධනයක් වෙනුවෙන් සමාජවාදී අරමුණ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් එය නව තලයකට ඔසවා තැබීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාසය කරන බව ද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්