ගෝලීය වසංගත, ආර්ථික කඩා වැටීම් සහ සම්පත් හිඟය තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟාවීම ප්‍රමාද කර තිබෙනවා
ජනපති තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ 2023 සමුළුව අමතමින් පවසයි
තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ගෝලීය ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි අතර ඊට අදාළව පෙන්නුම් කරන්නේ 12% ක ප්‍රගතියක් පමණක් බවත් අනෙකුත් තීරණාත්මක ඉලක්කවලින් 30%ක් තවමත් සපුරාගෙන නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (19) ආරම්භ කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ 2023 සමුළුව අමතමිනි.
එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් 2015 දී සම්මත කර ගන්නා ලද තිරසර සංවර්ධන ඉලක්ක 17 ක් ඇතුළත් තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ පසුබිම පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම වසරේම COP21 හි රටවල් 196 විසින් සම්මත කරගන්නා ලද පැරිස් ගිවිසුම තවත් සුවිශේෂී ගෝලීය මුල පිරීමක් බව ද සඳහන් කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය
තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමට අප කැපවී සිටියද සම්පත්වල මතුව ඇති දැඩි හිඟය ඊට බාධාවක් වී තිබෙනවා. එසේම 2020දී මුහුණ දීමට සිදු වූ ගෝලීය වසංගත අපේක්ෂිත ඉලක්ක කරා ළගා වීම කවදුරටත්
පසුබෑමට ලක්කර තිබෙනවා. ඒ නිසා සීමිතව පැවති සම්පත් තවදුරටත් සීමිත වුය. වසංගත තත්ත්වය මගින් පෙර පැවති ගෝලීය ණය අර්බුදය තවදුරටත් උග්‍ර කළ අතර එම තත්ත්වය ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් බංකොලොත් භාවයට ඇද දැමුවා.
දැන් මතුව ඇති ප්රශ්නය වන්නේ වත්මන් තත්ත්වය තුළ තිරසර සංවර්ධන ඉලක්ක ළගා කර හැකිද යන්නයි. අප ශ්‍රී ලංකාව උදාහරණයක් ලෙස ගතහොත්, 2019 දී මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා අපගේ දළ
දේශීය නිෂ්පාදිතයෙන් 9%ක් ආයෝජනය කිරීම ප්‍රමාණවත් වනු ඇතැයි අප ඇස්තුමේන්තු කර කෙසේ වෙතත් කොවිඩ් වසංගතය හමුවේ සිදු වූ ආර්ථික බිඳ වැටීම හා ඉන් අනතුරුව මුහුණ දීමට
සිදු වූ ආර්ථික අර්බුදය මෙම ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට මහත් බාධාවක් වූ බව කිවයුතුයි. එසේම ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම 2030 ට පෙර ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 26.5 ක සැලකිය යුතු ආයෝජනයක් අවශ්‍යයි. එය සපුරා ගැනීම ද විශාල අභියෝගයක්.
මෙම දරුණු ආර්ථික ගැටලුකාරී තත්ත්වයට ශ්‍රී ලංකාවට පමණක් නොව ආසියාවේ සහ අප්‍රිකානු බොහෝ රටවලට ද මුහුණ දීමට සිදුව තිබෙනවා. බංකොළොත්භාවයෙන් මිදීමට සමත් රටවල් පවා මෙම අර්බුදය හමුවේ දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දෙමින් සිටිනවා. සංවර්ධනය වෙමින් පවතින රටවලට 2030 වන විට ඩොලර් ට්‍රිලියන 5.9ක මූල්‍ය සම්පාදනයක් අවශ්‍ය බව G20 සමුලුව මෑත කාලීනව පෙන්වා දී තිබෙනවා. මීට අමතරව, 2050 වන විට ශුද්ධ
ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම සඳහා පුර්නජනනීය බලශක්ති ක්ෂේත්රයට පිවිසීම සඳහා
ඩොලර් ට්‍රිලියන 4 ක වාර්ෂික ආයෝජනයක් අවශ්‍ය වෙනවා.
බොහෝ ජාතීන්ට බලපා ඇති පෙර නොවු විරු මුල්‍ය ව්‍යසනය හමුවේ මෙම ඉලක්ක සපුරා ගත හැකිද යන්න පිළිබඳ විවේචනාත්මක පරීක්ෂණයක් සිදු කරන ලෙස මම ඉල්ලා සිටිනවා.නව ගෝලීය මුල්‍ය පනත සඳහා වූ පැරිස් සමුළුව මුල්‍ය අභියෝග වලට මුහුණ දීමේ සහතිකයක් වනු ඇති බවත් මම විශ්වාස කරනවා.
කෙසේ වෙතත්, ගෝලීය මූල්‍ය කරණයේ මෙම සංකීර්ණ සහ භයංකර තත්ත්වය හමුවේ මතුව ඇති අභියෝග ජය ගැනීමට මෙම තීරණාත්මක ක්‍රියාමාර්ග වලට ප්රවේශවීමේ කඩිනම් අවශ්‍යතාවය අවධාරණය කිරීමට කැමතියි.
- මුලාශ්‍ර ජනාධිපති මාධ්‍ය අංශය
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ