ජෝ බයිඩන් යළි ඇමරිකානු ජනාධිපතිධුරයට පත්වීමට සමීක්ෂණයකට එක්වූ අය අතරින් 56% ක් සහාය නොදක්වන බව ඇමරිකාවේ NBC News ඊයේ (24) පළ කළ එම මත විමසුමේ ප්‍රතිඵල මගින් පෙන්නුම් කෙරේ. එම අනුපාතය වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ වාර්තාවූ අඩුම පිළිගැනීමේ මට්ටමයි.
එම විමසුමට අනුව, ඔහුට සහාය දක්වන අනුපාතය 41%ක් වන අතර, එය පෙරට වඩා පහත වැටීමකි. වයස අවුරුදු 18 සිට 24 දක්වා ඡන්ද දායකයින් දක්වන සහාය 46%ක් වන අතර , ලතින් ඡන්ද දායකයින් අතර එය 43%කි. මධ්‍යස්ථ ඡන්ද දායකයින් අතර එම අනුපාතය 36% ක මට්ටමක පවතී.
More Stories
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය
ඇමරිකාවේ දාමරිකවාදී තීරුබදු පියවර හමුවේ චීනයේ විවෘතභාවය නොසැලෙන සේ ඉදිරියට