චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරීම් තුනේ ඉතා වැදගත් සංකල්ප අන්තර්ගත වන බව නේපාල අගමැති Pushpa Kamal Dahal මහතා කියාසිටී. ඔහු මේ බව පැවසුවේ, චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදිනියක සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
චීනයේ Hangzhou නුවර පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගි වූ නේපාල අගමැතිවරයා චීන ජනාධිපතිවරයා සමග හමුවකට ද එක්විය. දෙරටේ පොදු ජයග්‍රහණ ඉහළ නැංවීම පිළිබඳව තමා ෂී ජින්පිං මහතා සමග සාකච්ඡා කළ බව ද ඔහු කියා සිටියේය. එමෙන්ම නේපාලයේ ආර්ථීක සංවර්ධනයේ දී කුමන ආකාරයේ සහයක් ලබාගත යුතු ද, ඊට සුදුසු කොන්දේසි නිර්මාණය කළ යුත්තේ කෙසේද යන කරුණු සහ ගුවන් සේවා , දුම්රිය මාර්ග, මහාමාර්ග හා විදුලිබල යන ක්ෂේත්රයන් හි සබඳතා පුළුල් කිරීම පිළිබඳව ද එහි දී අවධානය යොමුකෙරුණු බව අගමැතිවරයා විස්තර කළේය.
පෙර නොවූ විරූ අයුරින් විවිධ වෙනස්වීම්වලට මුහුණ පාන වත්මන් ලෝකය ඉතා සංකීර්ණ තත්ත්වයක පවතී. එම තත්ත්වය යටතේ, ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන, ගෝලීය ආරක්ෂක සහ ගෝලීය ශිෂ්ටාචාර යන මුලපිරීම් තුන නේපාලය ඉතා වැදගත් කොට සලකන බව Pushpa Kamal Dahal මහතා ප්‍රකාශ කළේය.
චීනයේ සහයෝගී හවුල්කරුවෙකු වන නේපාලය ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ සක්‍රියව ක්‍රියාත්මක කරයි. අදාළ මුලපිරීම් තුන වැදගත් කොට සලකන නේපාලය ද්විපාර්ශ්වික සහයෝගිතා පැවැත්විය යුතු ආකාරය පිළිබඳව ද සාකච්ඡා කරමින් සිටින බව නේපාල අගමැතිවරයා පැවසීය.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්