පලස්තීන සටන්කාමීන් විසින් ඊශ්‍රායල ජාතිකයින් 100ක් ප්‍රාණ ඇපයට ගෙන ඇති බව එක්සත් ජනපදයේ ඊශ්‍රායල තානාපති කාර්යාලය සමාජ මාධ්‍ය සටහනක දක්වා ඇත. එයට සිවිල් වැසියන් සහ සොල්දාදුවන් ද ඇතුළත් බව සඳහන් වේ.
මේ වනවිට ඊශ්‍රායල ජාතිකයින් 300 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර 1,800 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති. මෙම සංඛ්‍යා ඊශ්‍රායලය විසින් නිල වශයෙන් තහවුරු කර නොමැත.
එමෙන්ම හිස්බුල්ලා සංවිධානය Dov කන්දට ප්‍රහාර එල්ල කර තිබේ. ඊශ්‍රායලය ලෙබනන් භූමියට මෝටාර් ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු එයට ප්‍රතිචාර වශයෙන් හිස්බුල්ලා සංවිධානය Dov කන්දට ප්‍රහාර එල්ල කර ඇත.
2006 දී ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයක් ඇති වූව ද ඉන් පසු ලෙබනන-ඊශ්‍රායල් දේශසීමාව සාපේක්ෂ වශයෙන් සන්සුන් විය. නමුත් මේ වනවිට එහි තත්ත්වය නැවත උත්සන්න වී ඇත.
මේ අතර හමාස් සටන්කාමීන් පවසන්නේ ඊශ්‍රායලය තුළ දරුණු සටන් ක්‍රියාත්මක වන බවයි. නමුත් ඊශ්‍රායලය පැහැදිලි අනාවරණයක් තවමත් සිදු කර නොමැත.
Live update
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්