චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෑතකදී සංකල්ප හා සංස්කෘති ප්‍රචාරක කටයුතු පිළිබඳ වැදගත් උපදෙස් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ චීන ජාතික පුනර්ජීවනය තීරණාත්මක තලයකට ප්‍රවේශ වෙමින් පවතින වත්මන් යුගයේ සංකල්ප හා සංස්කෘති ප්‍රචාරක කටයුතු නව අභියෝගයන්ට මුහුණ දෙන බවයි. ඒ වෙනුවෙන් නව ක්‍රියාවන් දියත් කළ යුතු ය. නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී සංකල්පය මාර්ගෝපදේශය ලෙස සලකමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ නව සිද්ධාන්ත මගින් පක්ෂය සන්නද්ධ කළ හා ජනතාව දැනුවත් කළ යුතු ය. සංස්කෘතික වශයෙන් ආත්ම විශ්වාසය ගොඩ නැගීම, විවෘතභාවය , වෙනස්කම් පිළිගැනීම, නිර්මාණශීලිත්වය අනුගමණය කිරීම මගින් පූර්ණව සමාජවාදී නවීනකරණ රට ගොඩනැගීම වෙනුවෙන් දැඩි සංකල්පිත සහතිකය, ප්‍රබල මානසික බලය හා යහපත් සංස්කෘතික පරිසරයක් සපයන බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. විවිධ මට්ටමේ සංස්කෘති ප්‍රචාරක දෙපාර්තමේන්තු දේශපාලන වගකීම ශක්තිමත් කරමින් නව යුගයේ සංකල්ප හා සංස්කෘති ප්‍රචාරක කටයුතු නවමු ආකාරයෙන් සිදු කළ යුතු බව හෙතෙම කීය.
චීන සංකල්ප හා සංස්කෘති ප්‍රචාරක කටයුතු පිළිබඳ සමුළුව 7-8 දෙදින බෙයිජිංහි දී පැවැත්විණ. එම සමුළුවේදී ෂී ජින් පිං මහතා වැදගත් උපදෙස් ලබා දුන්නේය.
More Stories
තර්ජනය කිරීම චීනය සමග කටයුතු කිරීමේ නිසි ක්රමය නොවන බව චීනය පවසයි
සමබර සංවර්ධන ආකෘතියක් වෙනුවෙන් ජනපති ෂී ජින් පිං ඉදිරිපත් කළ කලාපීය සම්බන්ධීකරණ සංවර්ධන උපාය මාර්ගයෙන් සාර්ථක ප්රතිඵල
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය