චීන ජනපති ඇමරිකානු සෙනෙට් සභිකයන් හමුවෙයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ බහුතර පක්ෂ නායක Chuck Schumer මහතා ප්‍රමුඛ සෙනෙට් මාණ්ඩලික නියෝජිත කණ්ඩායම හමු වේ.

ඊයේ (9) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී එම හමුව සිදුවිය.

චීනය හා ඇමරිකාව අතර පොදු ප්‍රතිලාභ, මතභේදයන්ට වඩා බොහෝ පුළුල් වන අතර, එකිනෙකාගේ ජයග්‍රහණ ඔවුනොවුන් සතු අවස්ථා මිස අභියෝග නොවේය යන්න චීනයේ සර්වකාලීන අදහස බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේය. පශ්චාත් වසංගත යුගයේ ගෝලීය පුනර්ජීවනය, දේශගුණ විපර්යාසයට මුහුණ දීම, ජාත්‍යන්තර හා කලාපීය ගැටළු විසඳීම ඇතුළු විවිධ ක්ෂේත්‍රවල චීනය හා ඇමරිකාව අතර සම්බන්ධීකරණය හා සහයෝගතාව අතිශය වැදගත් වේ. චීනය සහ ඇමරිකාව ලොව දැවැන්ත රටවල් දෙකක් වශයෙන් ඉතිහාසයටත්, ජනතාවටත්, ලෝකයටත් වගකීමේ ආකල්පයක සිට ද්විපාර්ශ්වික සම්බන්ධතාව මනාව පාලනය කළ යුතු බව චීන ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. දෙරට ජනතාවගේ සුබසෙත තහවුරු කිරීමට මෙන්ම මානව සමාජයේ ප්‍රගතිය ප්‍රවර්ධනයටත්, ලෝක සාමය හා සංවර්ධනයටත් දෙරට දායක විය යුතු බව ද හෙතෙම පැවසීය.

චීනයේ සංවර්ධනය හා සමෘද්ධිය ඇමරිකානු ජනතාවගේ සුබ සිද්ධියට ඉවහල් වන බව Chuck Schumer මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම එහිදී කියාසිටියේය. චීනය සමග ගැටළු ඇතිකර ගැනීම හෝ චීනය සමග පවතින සම්බන්ධතා බිඳදැමීම ඇමරිකාවේ අභිප්‍රාය නොවේ. එසේම, අවංක භාවය හා අන්‍යොන්‍ය ගරුත්වය යන සාරධර්ම සහිතව චීනය සමග සංවාද පැවැත්වීමට ඇමරිකාව සූදානමින් සිටී. චීනය සමග සම්බන්ධතාවයේ විධිමත් වර්ධනය වගකීමෙන් යුක්තව පාලනය කරමින් එය ඉදිරියට රැගෙන යාම තම රටේ අපේක්ෂාව බව ද ඇමරිකානු නියෝජිත කණ්ඩායම එහිදී ප්‍රකාශ කළහ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com