“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතා පිළිබඳ 3වන නායක සංසදයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක් වේ.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද (11) මේ බව ප්‍රකාශ කළා ය. එම සංසදය එළඹෙන 17 හා 18 යන දෙදින චීනයේ බෙයිජිං අගනුවරදී පැවැත්වීමට නියමිතව තිබේ. “එක් තීරයක් එක් මාවතක්”ඉහළ මට්ටමින් ගොඩ නගමින් අත්වැල් බැඳගෙන පොදු සංවර්ධනය හා සමෘද්ධිය සාක්ෂාත් කිරීම යන්න එහි ප්‍රධාන තේමාවයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සංසදයේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ප්‍රධාන දේශනයක් පැවැත්වීමට නියමිත ය. හෙතෙම සංසදයට එක්වන අමුත්තන් වෙනුවෙන් පිළිගැනීමේ සාදයක් ද පවත්වනු ඇත. මීට සමගාමීව ද්විපාර්ශ්වික ක්‍රියාකාරකම් රැසක් ද සිදු කෙරෙන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළා ය.
More Stories
ඇමරිකාවේ නිෂේධ බලය හේතුවෙන් ගාසා තීරයේ සටන් විරාමය ඇරඹීමේ ක්‍රියාවලිය අඩාල වූ බවට චීනයෙන් ප්‍රකාශයක්
දෙවන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රදර්ශනය ඇරඹේ
ගෝලීය කාර්මික සැපයුම්දාමයන් හි ස්ථාවරත්වය සහතික කිරීමට චීනය සූදානම් බව චීන අගමැති කියයි