චීන-ඇමරිකානු ප්රගමනය අභියෝගයන් නොව එකිනෙකාට අවස්ථාවන් හිමි කර දෙන්නක් බව චීනය පවසයි.
චීන වාණිජ ඇමති Wang Wentao මහතා මේ බව පැවසුවේ පසුගිය 9වැනි දා බෙයිජිං හිදී ඇමරිකාවේ සෙනට් මන්ත්‍රී මණ්ඩලයේ බහුතර නායක Charles Ellis Schumer මහතා හමුවූ අවස්ථාවේ දී ය. චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සබඳතාව මෙන් ම පොදු අවධානයට ලක්වන ගැටළු පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ.
Wang Wentao මහතා එහිදී සඳහන් කළේ දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතාවේ ස්වභාවය වනුයේ පොදු-ජයග්‍රාහී බව ය. චීනය තරඟකාරීත්වය බැහැර නොකරන නමුත් එය පදනම් විය යුත්තේ ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ නීතිරීති මත ය. ඇමරිකාවට ආරක්ෂණය, දේශපාලනීකරණය හා උපකරණීකරණය අතින් නිශ්චිත ප්‍රමිතීන්ට අනුගත වීම වැළැක්වීමට හැකි වනු ඇති බව චීනයේ අපේක්ෂාව බව ද වාණිජ අමාත්‍යවරයා කියා සිටියේය.
ඇමරිකා කොංග්රස් මණ්ඩලයට අයත් පක්ෂ 2ක චීනය සමග පවත්වන ආර්ථික හා වෙළඳ සබඳතාව ඉහළින් වැදගත් කොට සලකන බවත් චීනය සමග පවතින අදහස් හුවමාරු තහවුරු කිරීමට ඇමරිකාව කැමති බවත් Charles Ellis Schumer මහතා එහිදී පෙන්වා දුන්නේ ය.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්