ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් 338,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
අත්‍යවශ්‍ය ආධාර සහ ඖෂධ සැපයීම සඳහා ගාසා තීරයට ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ සලසන ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් කර ඇත. ගුවන් ප්‍රහාරවලින් නිවාස රැසක් විනාශ වී ඇත. ගැටුම් පවතින කලාපයෙන් පලස්තීනුවන්ට පිටව යාමට ඉඩ දීම සඳහා මානුෂීය කොරිඩෝවක් සඳහා ඉල්ලීම් කර තිබේ.
ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් පසු ගාසා තීරයේ සිට ඊජිප්තුවට පිටවීමේ ප්‍රධාන මාර්ගය වන රෆා හරස් මාර්ගය අඟහරුවාදා සිට වසා දමා ඇති බව ගාසා බලධාරීන් පවසයි.
ඊශ්‍රායල හමුදා දැනටමත් ගාසා තීරයේ දේශසීමා ආසන්නයේ ගොඩබිම් ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටිති.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්