පසුගිය දා චීනය “ ‘එක් තීරයක් එක් මාවතක්’පොදුවේ ගොඩනැගීම – පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ දැවැන්ත ක්‍රියාවලිය” නම් ධවල පත්‍රිකාව නිකුත් කර තිබේ. චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉදිරිපත් කර මේ වන විට වසර 10ක් ගත වී ඇත. එම වැඩපිළිවෙළ ලෝකය වඩාත් සුන්දර කර ඇත්තේ කෙසේ දැයි ධවල පත්‍රිකාව සවිස්තරාත්මක ව පහදා දෙයි.
පුරාණ කාලයේ චීනය ආරම්භ කළ සේද මාවත හා මුහුදු සේද මාවත වාණිජ හා වෙළඳ අවශ්‍යතා සපුරාලීමේ පමණක් නොව, මානව ශිෂ්ටාචාර හුවමාරු කිරීමේ මාවත් ද වන බව ධවල පත්‍රිකාව පෙන්වා දෙයි. 2013 වසරේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම ද්වි මාවත් පදනම් කර ගනිමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ පැරණි ශිෂ්ටාචාරාත්මක සාරයන් වත්මන් යුගයට එක් කරමිනි.
පසුගිය ජුනි මාසය වන විට එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ චීනය රටවල් 150ක් හා ජාත්‍යන්තර සංවිධාන 30ක් පමණ සමග සහයෝගිතා ලියවිලි 200කට වැඩි සංඛ්‍යාවකට අත්සන් තබා ඇත. ගෙවුණු දශකයේ මෙම වැඩපිළිවෙළ හුදෙක් උද්‍යෝග පාඨයක් නොව, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට සැබෑ යහපත උදාකරන සාධනීය සැලසුමක් බව ධවල පත්‍රිකාවේ බොහෝ දත්ත පෙන්නුම් කරයි. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ විවිධ රටවල සංවර්ධනයට විශාල රුකුලක් ලබා දී ඇති අතර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම වෙනුවෙන් නව මාර්ගයක් ද සොයාගෙන තිබේ. එම වැඩපිළිවෙළ ඉස්මතු කරන පොදු සාකච්ඡා, පොදු සංවර්ධනය හා පොදු බෙදාගැනීම යන කළමනාකරණ සංකල්පය , එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජගත් සංවිධානවල ප්‍රධාන ලියවිලිවලට ද ඇතුළත් කර ඇත.
ඉදිරියේදී චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ වඩාත් ගැඹුරට ගෙන යනු ඇතැයි ධවල පත්‍රිකාව පවසයි. ගෝලීය තිරසර සංවර්ධනය සඳහා තව තවත් රටවල් මෙම වැඩපිළිවෙළට එක්වනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද ධවල පත්‍රිකාව වැඩිදුරටත් සඳහන් කරයි.
More Stories
නවාකාරයෙන් යුත් චීන සංවර්ධනය පිළිබිඹු කෙරෙන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය
සංකීර්ණ ගෝලීය තත්ත්වය හමුවේ සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කරමින් ඇරඹෙන 16 වන බ්‍රික්ස් නායක සමුළුව
සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්රජාතන්ත්රවාදය චීනය ආශ්චර්ය දෙකක් නිර්මාණය කිරීමේ වැදගත් සහතිකයකි