තවමත් අවිනිශ්චිත සටන් විරාමය

හමාස් සංවිධානය පවසන්නේ සටන් විරාමය පිළිබඳ තොරතුරු තමන්නොට නොලැබුණු බවයි. ගාසා සහ ඊජිප්තුව අතර රෆා හරස් මාර්ගය විවෘත කිරීමේ අභිප්‍රායන් පිළිබඳව ඊජිප්තු පාර්ශ්වයෙන් කිසිදු තහවුරු කිරීමක් තමන්ට ලැබී නොමැති බව ද සලාමා මාරූෆ් පවසයි.

ඊශ්‍රායල හමුදාව උතුරු ඊශ්‍රායලයේ ලෙබනන දේශසීමාවේ ප්‍රජාවන් ඉවත් කිරීමේ සැලසුමක් ද ප්‍රකාශයට පත් කර තිබේ. දේශසීමාවේ සිට කිලෝමීටර් 2 ක් (සැතපුම් 1.24) ඇතුළත පිහිටා ඇති ප්‍රජාවන් 28 ක පදිංචිකරුවන් “රාජ්‍ය අරමුදල් සහිත ආගන්තුකාගාර” වෙත ගෙන යන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසයි.

මේ අතර ඊශ්‍රායල අගමැති කාර්යාලය දකුණු ගාසා තීරයේ සටන් විරාමය ප්‍රතික්ෂේප කරන බව වාර්තා වේ. රෆා හරස් මාර්ගය නැවත විවෘත කිරීමට සමගාමීව සටන් විරාමයකට එකඟ වූ බව ඊජිප්තුවේ ආරක්ෂක මූලාශ්‍ර රොයිටර් පුවත් සේවයට පවසා පැය භාගයකට පසු දකුණු ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ වාර්තා ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරන බව පෙනේ.

කෙසේ වුව ද සටන් විරාමය පිළිබඳ තීරණය තවමත් අවිනිශ්චිත බව මෙම තොරතුරු අනුව පැහැදිලි වේ.



WP Twitter Auto Publish Powered By : XYZScripts.com